සංචරණ සීමා පනවා තිබියදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති නිදහස ඇතැම් පුද්ගලයන් විසින් අවභාවිතා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් ඇතැම් පුද්ගලයන් අනවශ්‍ය ගමන් බිමන් යන බව පසුගිය දින කිහිපය තුළදීම නිරීක්ෂණය වූ බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි හැඳුණුම්පතට අමතරව සේවා ස්ථානයේ ආයතන ප්‍රධානියාගේ අවසර ලිපියක් ලඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බවත්, මින් ඉදිරියට ආයතන ප්‍රධානියාගේ ලිපිය නොමැති කිසිදු පුද්ගලයෙකුට සංචරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඔහු පවසනවා.
සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ විවෘත තැබිය හැක්කේ ඔසුසැල් පමණක් බවත්, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ජංගම සේවා සඳහා 31 වැනි දිනට නිකුත් කර ඇති අවසර පත්‍රය ජුනි 07 වැනිදා දක්වා භාවිතා කිරීම සඳහා අවසර ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.
(LNW)