Saturday, July 12, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නිසා ධීවර කටයුතු අහිමි ජනතාවට ගෙවීමක්

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හේතුවෙන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ධීවර කටයුතු කළ ප්‍රජාවට අහිමි වී ඇති දෛනික ආදායම් වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එම ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිතව දෛනිකව ආදායම් අහිමිවන ධිවර කර්මාන්තය සමග බද්ධ වූ ක්ෂේත්‍ර 28ක පිරිසට එය ලබාදීමට බලාපොරොත්තු වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා,

“මීගමුව කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන, ඒවගේම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ සුළු වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන අයව අපි ගණනය කරලා තියෙනවා. 5,600කට ආසන්න ධීවර යාත්‍රා ප්‍රමාණයක් තිබෙනවා. මේ දෛනිකව ආදායම් අහිමිවන සියලුම දෙනාට ඔහුන්ගේ ආදායම් අහිමිවන කාලය තුළ යම් මුදලක් ලබාදීම සඳහා අපි තීරණයක් ගත්තා. මේ ධීවර කර්මාන්තයත් සමග එකට බද්ධ වෙච්ච ක්ෂේත්‍ර 28ක් පමණ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාටම අහිමිවන දෛනික ආදායම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. මේ ප්‍රදේශ නැවත ධීවර කටයුතුවලට සුදුසුයි කියන තීරණය පැමිණෙන තුරු අපි ඒ පළාත්වල ධීවර කටයුතු අත්හිටුවලා තියෙනවා.”

(Aruna)