Friday, February 06, 2026
Follow Us
දක්ෂිණ අධිවේගයේ වසා දැමුණු පිවිසුමක් විවෘත වෙයි

පසුගිය දිනක කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසාදැමීමට ලක්කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම අද( 28) නැවතත් විවෘත කර තිබේ.

එම පිවිසුම දින තුනක් තිස්සේ වසා දමා තිබුණි.

මේ බව එම මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා සඳහන් කර ඇත.

මේ අතර ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසාදැමීම සිදුකළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමද තවත් දින කිහිපයක් ඇතුලත විවෘත කිරීම සිදුකරන බව ද ඔහු සඳහන් කරයි.

එසේම ආසාදිතයන් කිහිපදෙනකු හමුවීම නිසා වසාදැමුනු වැලිපැන්න පිවිසුම මීට දින කිහිපයකට ඉහතදී විවෘත විය.

(Aruna)