සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදුකරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර තිබේ.
එහිදී අදාළ ග්‍රාමසේවා වසමේ වෙනත් වෙළෙඳසැළක් සඳහා බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.
මේ අතර මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා ජංගම බෙදා හැරීම්, දුරකථන ඇමතුම් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම් සහ ග්‍රාමසේවා වසමකින් වෙළෙඳසැළ් දෙක බැගින් විවෘත කිරීමට අවසර දීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.
තවද අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව’ පාරිභෝගික කටයුතු අධිකාරියට (ක්ෂණික ඇමතුම් 1977) ලැබුණු දුරකථන ඇමතුම් අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
(Aruna)