Monday, September 28, 2026
Follow Us
ස්පුට්නික් - ෆයිව් එන්නත් මාත්‍රා 50,000 ක් දිවයිනට රැගෙන එයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - ෆයිව් එන්නත් මාත්‍රා 50,000 ක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. ඒ, රාත්‍රී 10.50 ට ඩුබායි සිට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

ඉන්පසුව මෙම එන්නත් තොගය විශේෂ අධි ශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගත් බව නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවා.

(Neth)