Friday, February 06, 2026
Follow Us
පුද්ගලික රෝහල් තවමත් පී.සී.ආර්. මගඩියේ

වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ නොකරන ලෙසත් වාහනයේ සිටිමින් (Drive-Through) සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වහාම අත්හිටුවන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ බොහෝ පෞද්ගලික රෝහල් පිළිනොපදින බව ‘අරුණ’කළ නිරීක්ෂණයකදී අනාවරණය විය.

‘අරුණ’ නිරීක්ෂණය කළ ආකාරයට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවසර ලබාදී ඇති බොහෝ පෞද්ගලික රෝහල් වෙත යන අයට වෛද්‍යවරයකුගේ පරීක්ෂාවකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නිර්දේශ පත්‍රිකා පමණක් වෛද්‍යවරයකුගේ අත්සන සහිතව නිකුත් කරනු ලබයි.

මේ අතර මෙලෙස සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා නැවත වතාවක් අවසර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වන බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනයේ සභාපති වෛද්‍ය ලකිත පීරිස් ‘අරුණ’ ට පැවසිය.

“මේ වෙනකොටත් රෝහල් පෞද්ගලික මට්ටමින් මේ ඉල්ලීම කරලයි තියෙන්නේ. අපි සම්මේලනයක් හැටියටත් සෞඛ්‍ය අඅමාත්‍යාංශයෙන් මේ ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ජනතාවට රෝහල් තුළට එන්නේ නැතුව පහසුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්න පහසුකම් සැලසෙනවා.” යැයි සභාපතිවරයා සඳහන් කළේය.

(Aruna)