Saturday, July 12, 2025
Follow Us
කොරෝනා වයිරසය ගැන නව පර්යේෂණ ජුනි මුල

රට තුළ පැතිරයන කොරෝනා වයිරස සම්බන්ධයෙන් නවතම පර්යේෂණ ලබන ජූනි මස පළමු සතියේදී ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා , ප්‍රතිශක්ති විද්‍යා , සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පර්යේෂණයන්ගෙන් මෙරට පැතිර යන කොවිඩ් වයිරසය එංගලන්තයේ පැතිර යන වයිරසය බව හදුනා ගත් අතර මේ වන විට රට පුරා වේගයෙන් රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇත්තේ එම වයිරසයමද නැතිනම් වෙනත් වයිරසයන් මෙරටට පැමිණ තිබෙන්නේද යන්න සොයා ගත හැකි වනු ඇතැයි ආචාර්ය ජීවන්දර පවසා සිටියි.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් ලබාගත් නියදියන් එවන්නේ නම් ඒවා පරික්ෂා කිරීමට තම ආයතනය සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

කොවිඩ් වයිරසයන් පරික්ෂා කිරීම ජාතික මෙහෙවරක් ලෙස සලකා ආචාර්ය ජීවන්දරගේ පෞද්ගලික් පර්යේෂණයන් සඳහා වැයකරන මුදලින් සිදු කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය බර පැන දරන්නේ නම් නියදි පරික්ෂාවන් සැලකිය යුතු ගණනක් කළ හැකි බවද සදහන් වේ.

කෙසේ නමුත් ගිනිගත් එක්ස්ප්‍රස් පර්ක් නැවේ තුවාල ලැබූ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගත් නමුත් ඔහුගෙන් ලබාගත් නියදිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනය වෙත එවන බවට දැනුම් දුන්නද මේ වන තෙක් එවා නොමැති බව ආචාර්ය ජීවන්දර පෙන්වාදෙයි.

(Aruna)