Friday, March 27, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ භාණ්ඩ එකතු කළ 8ක් අත්අඩංගුවට

ගින්නෙන් විනාශයට පත්වෙමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව මුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මෙම මෙහෙයුම් සිදුකර තිබේ.

වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලීසිය භාරගෙන ඇත.

(Aruna)