Friday, February 06, 2026
Follow Us
මහපාරේ ඇවිද ගිය සබීතාගේ සැමියා සිහිසුන්ව ඇද වැටේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව මහා මාර්ගයේ ඇද වැටී ඇත.

කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ (24) පස්වරු 5.15 ට පමණය. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ වන විට ඔහු තරමක් සුව අතට හැරී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහාන් කරයි.

උපාලි ජයසිංහ මහතා ප්‍රවීන සිනමා නිලියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියායි.

(Aruna)