බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා මර්දන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ ගත් තීරණයට විරෝධය පළ කරමින්.
එම ක්‍රියා පිළිවෙතට විරෝධය පළ කරමින් අද පෙරවරු 7.30 සිට පස්වරු 4.30 දක්වා බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය එහිදී සදහන් කළා.
(Neth)