තමන් සතුව දැනට ඇති තොරතුරු පමණක් ඇතුළත් කර අයදුම්පත ඉදිරිපත් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන්ට දැනුම් දෙනවා.
ඉකුත් වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන්ට සිය අයදුම්පත් ලබන ජුනි මස 11 වනදා තෙක් ඉදිරිපත් කළ හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ.
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් එවිය යුතු ආකාරය පිළිබද අද පැවති මාධ්‍ය හමුවකදී විශ්ව විiාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙලෙස කරුණු දැක්වූවා.
පෞද්ගලික අයදුම්කරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විiාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන් අයදුම්පත් සම්පූර්ණ කළයුතු ආකාරය පිළිබදවද මෙහිදි පැහැදිලි කෙරුණා.
සිය අයදුම්පත අන්තර්ජාලය හරහා ලබන 11 වනදා වනවිට එවිය යුතු බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන්ට යළි සිහිපත් කළේ.
අයදුම්පත් යොමු කළ යුත්තේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයටයි.
(Neth)