Friday, February 06, 2026
Follow Us
ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත වෙයි

පිටකොටුව තොග වෙළෙඳසැල් සහ පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ මෙන්ම තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.

මේ අනුව නුවරඑළිය, දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථානද මේ වනවිට විවෘත කර ඇත.

හෙට (25) දිනයේ වෙළෙඳසැල් විවෘත කිරීමට අවශ්‍ය තොග භාණ්ඩ වෙළෙඳාම සඳහා පමණක් එම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

(Aruna)