Saturday, July 12, 2025
Follow Us
ඉදිරි දින කිහිපයේදී රට වසා දැමුවත් කොවිඩ් ආසාදිතයින් ගේ අඩුවක් විය නොහැකි - GMOA

ඉදිරි දින කිහිපයේදී රට වසා දැමුවද කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් අපේක්ෂා කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි විධායක සභික වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගත යුතු බවයි.

වෛද්‍ය සංගම් දින 14කට වසා දැමිය යුතු බවට කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද ඔහු කරුණු පැහැදිලි කළා.

කෙසේවෙතත් දින 14කට රට වසා දැමිය යුතු බවට වෛද්‍ය සංගම් විසින් කිසිදු යෝජනාවක් කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් නොකළ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

(Neth)