දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් එන්නත ලබා නොදුනහොත් ජුනි පළමුවැනිදා සිට කොවිඩ් මර්දන රාජකාරිවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි ‘අරුණ’ට පැවසීය.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ග්‍රාම නිලධාරීන් දොළොස් දහසක් රාජකාරියේ නිරත වන බවත් ඉන් නිලධාරීන් එක්දහස් පන්සියයක් පමණ කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවත්ය.
සියලු ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක් රජයේ මැදිහත්වීමෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා අදාළ නිලධාරීන් එක්දහස් පන්සිය දෙනාම කොවිඩ් එන්නත ලබාගෙන ඇත්තේ තම පදිංචි ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගි වීමෙන් බවද පැවසීය.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල මහජනතාවට සහ නිරෝධායනය වන පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රියාවලියේ ඉදිරිපෙළ සාමාජිකයන් ලෙස කටයුතු කරන ග්‍රාම නිලධාරීන් හට නිසි ක්‍රමවේදයකට අනුව එන්නත ලබානොදීමෙන් ඔවුන් දැඩි අවදානමකට ලක්ව ඇති බව හෙතෙම පෙන්වා දෙති.
මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළද ඔවුන්ගේ අවධානයක් මේ කෙරෙහි යොමු වී නැත.
(Aruna)