ඉසුරු උදානට සහ චමින්ද වාස්ට දෙවන පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් කොරෝනා ආසාදිත නැති බව තහවුරු වී තිබෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
නමුත් ක‍්‍රීඩකයන් වන ඉසුරු උදාන සහ ශිරාන් ප‍්‍රනාන්දු, වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් කොරෝනා ආසාදිතයන් ලෙස පළමු පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරුව තිබුණි.
කෙසේ වුවද දෙවන පරීක්ෂණයේ දී ඉසුරු සහ වාස් ආසාදිතයන් නොවන්නේ යැයි තහවුරු වී ඇති බවත් ප‍්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත.
මේ අතර ශිරාන් ප‍්‍රනාන්දු මෙම සංචාරයට පිටත්ව යෑමට පෙර ආසදිතව සිට සුවය ලැබූ වෙක් බවත් ඔහුගේ ශරීරයේ වයිරසය තිබුණ ද ඉන් තවත් පුද්ගලයකුට බෝනොවන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙන බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරයි.
(Aruna)