Friday, February 06, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා :  පළමු එක්දින තරගය අවදානමක

බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට මෙලෙස කොරොනා වෛරසය අසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු 12:30 ට ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර පැවති තෙවන PCR පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සමත් වී ඇති පසුබිමකයි ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇත්තේ.

(Neth)