Thursday, July 10, 2025
Follow Us
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදෙයි

බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව ශ්‍රී ලංකා ජනරජ දිනය අද 22 දිනට යෙදී ඇත.

එබැවින් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්විය හැකිය.

එය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.

කෙසේ නමුත් හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ජනරජ දිනයට හිමිවිය යුතු නිසි ගෞරවය මෙතෙක් හිමි නොවූ බවය.

(Aruna)