Friday, February 06, 2026
Follow Us
කොරෝනා ආසාදිත ළමුන් 1000 ඉක්මවලා

මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිත ළමුන්ගෙන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

ඉදිරියේ දී කොවිඩ් අවධානම දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යා හැකි නිසාවෙන් දරුවන් ව එයින් මුදා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණ එන්නත් වඩා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

(Aruna)