Friday, February 06, 2026
Follow Us
කොවිඩ් එන්නත මුදලට ගන්න එපා

කොවිඩ් මර්දන එන්නත කුමන ආකාරයකින්වත් මුදල්වලට ලබාගෙන එන්නත් කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි⁣ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සෑම පුද්ගලයකුටම කොවිඩ් මර්දන එන්නත නොමිලයේ ලබා දෙන බවයි.

මේ වන විට අතරමැදියන් එකතු වී කොවිඩ් එන්නත් මුදලට ලබා දෙන බවට කතා පවතින බවත් ඒ පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය

(Aruna)