Wednesday, July 09, 2025
Follow Us
අඛණ්ඩව දෙවන දිනටත් දිනක ආසාදිතයින් 3000 පනීි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගතවූ පැය 24 ද 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ අඛණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 3000 සීමාව පසුකර ගිය අවස්ථාව ලෙසයි. ඒ අනුව ගතවූ පැය 24 තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,443 ක්. මෙරට දෛනික ආසාදිතයින් පළමුවරට පෙරේදා දිනයේ 3000 සීමාව ඉක්මවා ගියේ දෛනික ආසාදිතයින් 3623 දෙනෙකු වාර්තා කරමින්.

ගතවූ පැය 24 වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 54,786 ක්. එහෙත්, ඉන් එක් ලක්ෂ 23,532 ක් පූර්ණ සුවය ලබා අවසන්. තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 31,254 ක්.
සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ ඉදිරි දින කිහිපයේදී ද මෙරට දෛනික ආසාදිතකයින් තවදුරටත් ඉහළ යා හැකි බවටයි. පවතින තත්ත්වය සලකා සති දෙකක කාලයකට රට වසා තබන ලෙසට ද සෞඛ්‍ය විශේෂඥයින් ඊයේ දිනයේ ඉල්ලීමක් ද සිදුකළා.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එක් එක් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කොරෝනා ආසාදිතයින්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. ඒ අනුව කොරෝනා ආසාදිතයින්ට හෝ සැක සහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට ඒ පිළිබඳ දැනුම්දීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීමට නියමිතයි. ඒ හරහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, කඩිනමින් අවශ්‍ය සේවා ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වන්නේ කළුතර වෛද්‍ය අධිකාරී කාර්යාලයන්.

(NEth)