Friday, February 06, 2026
Follow Us
හැට සම්පුර්ණ අය උණ, කැස්ස තිබේ නම් ළඟම රෝහලට යන්න

වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇතැයි දැනුණු වහාම ඔවුන් ළඟම ඇති රෝහලට හෝ වෛද්‍යවරයකු හමුවට කඩිනමින් යොමු කළ යුතු බව කොවිඩ් කමිටුව පවසයි.

මෙම කමිටුව මේ බව ප්‍රකාශ කරන්නේ දැනට වාර්තා වන කොවිඩ් මරණ අතරින් වයස අවුරුදු හැටට වැඩි පිරිස අවදානම් පුද්ගලයින් ලෙස හඳුනාගැනීම හා රෝග ලක්ෂණ තිබුණද දින කිහිපයක් නිවසේ සිට රෝහල් කරා ගෙන එන රෝගීන් ජීවිතක්ෂයට පත් වීම යන හේතු මතය.

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

(Aruna)