Friday, February 06, 2026
Follow Us
බන්ධනාගාර තදබදය අවම කිරීමට පියවර

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා නීතිපතිවරයා විසින් වැරදි කිහිපයක් සඳහා බන්ධනාගාර ගත වුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

(Aruna)