Wednesday, July 09, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ශම්මි සිල්වා පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා අද නිතරගයෙන් තේරී පත්වුණා.

ඒ, සභාපති ධූරය ඇතුලු සෙසු තනතුරු සදහා ඔහුට ප්‍රතිවාදී කණ්ඩායම ලබාදුන් නාමයෝජනා අවසන් මොහොතේ ඉවත් කර ගැනීම හේතුවෙන්.

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත් වූ දෙවන අවස්ථාව මෙයයි.

ඉදිරි වසර දෙකක කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය අද පෙරවරුවේ පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් පැවැත්වූ පළමු නිලවරණය ලෙස මෙය ඉතිහාසයට එක් වුණා.

(Neth)