කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් රෝගීන් දහසකට වඩා රෝහල්වල ප්‍රතිකාර ලබන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.
ඊයේ (19 වැනිදා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය .
එහිදී ඔහු කියා සිටියේ බොහෝ පිරිසක් රෝහල්ගත වන්නෙ නිව්මෝනියා තත්ත්වය වැඩිවීමෙන් බවය.
නව කොවිඩ් ප්‍රභේදයේ ප්‍රධාන සංකුලතාවය වන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය බවත් බොහෝ රෝගීන්ට එම තත්ත්වය සමග දියවැඩියාව අධික රුධිර පීඩනය පවතින බවද ඔහු සඳහන් කළේය.
එසේම වයස 60 ට වැඩි අයට එන්නත ලබා දීමට නිර්දේශ වූයේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් යැයිද ඔහු කියයි.
මෙම නියුමෝනියා තත්ත්වයට ප්‍රතිකාර කළද මිය යන සංඛ්‍යාව වැඩි බවත් සැලකිය යුතු ප්‍රමාණයක් බේරා ගන්නා බවත් වෛද්‍යවරයා මෙහිදී පැවැසීය.
(Aruna)