ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වෛරසය සමාජගත වී ඇතැයි පැවසීමට තවමත් සාධක නොමැති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
"සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට සාධක නැහැ. යම් ප්‍රතිශතයක් පමණයි ඒ විදියට සමාජයෙන් ඒ කියන්නෙ ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(LNW)