Friday, February 06, 2026
Follow Us
ඉදිරි දිනවල කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම තවත් ඉහළ යා හැකියි - GMOA අනතුරු අඟවයි

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඉදිරියේදී තවදුරටත් ඉහළයා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ දැනට ලැබෙන සංඛ්‍යාලේඛන නිසි පරිදි යාවත්කාලින නොවූ ඒවා බවයි.

පවතින තත්ත්වය යටතේ රෝහල් ධාරිතාව ඉක්මවා යාමට ඉඩ නොතබා නිවෙස්වලදි ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කඩිනමින් ආරම්භ කළ යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නා.

පී සී ආර් පරීක්‍ෂණ වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමේදී ගැටළු මතුව ඇති බවද වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)