Wednesday, July 09, 2025
Follow Us
ශානි ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි ‍අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තබන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ජුනි 02 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක මෙම නඩුවේ සෙසු සැකකරුවන් වේ.

නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වහාම කඩිනමින් සිදු කරන ලෙස පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් අද අධිකරණය වෙත දැනුම් දුන්නේ ඔහුගෙන් ප්‍රකාශ සටන් කර ගැනීම ආරම්භ කළ බවයි. සැකකරු දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාදීම හේතුවෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීම ක්‍රියාත්මක වන බවද එම නිළධාරීන් දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව ජුනි 02 වැනිදා යළි කැඳවීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

(LNW)