Friday, February 06, 2026
Follow Us
තුල්හිරිය ගාමන්ට් ෆැක්ට්‍රියකින් කොවිඩ් පොකුරක්

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000ක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

එම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

(Aruna)