Wednesday, July 09, 2025
Follow Us
කොරෝනා එන්නත ලංකාවේ නිෂ්පාදනයට අනුමැතිය

චීනයේ නිෂ්පාදනය කරන ‘සිනෝපාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18 වැනිදා) හිමිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම ඊයේ (18 වැනිදා) පස්වරුවේ පැවැති අවස්ථාවේදී මෙම අනුමැතිය ලැබී තිබේ.

එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මහනුවර පල්ලේකැලේ පිහිටුවා ඇති කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම මේ වන විටත් චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇත.මෙම එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා උපරිමය වසර පහක කාලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගැනීමටද යෝජනා කර ඇත. එන්නත් නිෂ්පාදනය කිරීමේ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගැනීම හා ගිවිසුම් අත්සන් කිරීමේ බලය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට බලය පැවැරීමටද යෝජනා කර තිබේ.

(Aruna)