Wednesday, July 09, 2025
Follow Us
කිරිදෙන සියලු මව්වරුන්ට එන්නත් ලබාගැනීම සුදුසුයි

මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.

එසේම ගැබිණි මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙන බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ලැබී නොමැති බව මෙන්ම ඒ සම්බන්ධ පර්යේෂණ මෙතෙක් සිදුව නැති බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. “

(Aruna)