Wednesday, July 09, 2025
Follow Us
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හෙට (19) පෙරවරු 8.30 සිට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ පෑලියගොඩ, වත්තල-මාබෝල, ජාඇල නගරය, කටුනායක, සීදුව, කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් මෙම ජලසැපයුම අත්හිටවනු ඇත.

(Aruna)