Friday, April 26, 2024
Follow Us
PCR ධාරිතාවය වැඩි කරනවා වෙනුවට සාම්පල් ගන්න ප්‍රමාණය අඩු කරලා - කුමුදේශ්

PCR රසායනාගාරවල ධාරිතාවය වැඩිකරනවා වෙනුවට PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගන්නා ප්‍රමාණය අඩුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවතින රසායනාගාර ධාරිතාවයට වසංගතය ගැලපීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

"සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දිනවල කරමින් ඉන්නේ PCR ගන්න ප්‍රමාණය අඩුකරලා තියෙන ධාරිතාවට අනුව මේ රටේ වසංගතය මැච් කරන්න යනවා. මේක තමයි මාර්තු මාසෙ අග සහ අප්‍රේල් මාසෙ මුල මේ රටේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. අදටත් PCR රසායනාගාර වලට පැමිණෙන නිදර්ශක ප්‍රමාණය අඩුවෙලා තියෙනවා, ධාරිතාව වැඩිකිරීම සදහා කිසිවක් කරන්නෙ නැතුව.

ඒ වගේම සමහර ඇමතිවරුන්ගෙ ප්‍රකාශවල තියෙනවා මේ රෝගය තව සති දෙකකින් පාලනය වෙනවා කියලා. එතකොට මේ රෝගය සති දෙකකින් පාලනය වීමේ හැකියාවක් තියෙනවා කියලා ඒ අමාත්‍යවරයා කියන්නෙ මොන දත්ත පදනම් කරගෙනද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)