Friday, March 29, 2024
Follow Us
උදයංග වීරතුංගගේ මූලිකත්වයෙන් යළිත් මෙරටට රුසියානු සංචාරකයින් ගෙන්වීමේ සූදානමක් !

සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ යළිත් මෙරටට රුසියානු සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් සැලසුම් කෙරෙමින් පවතින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඩේලි නිව්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ රුසියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සමග දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව පවසා ඇති ඒ මහතා සතියකට දෙවරක් රුසියාවේ සිට මෙරටට සංචාරකයින් රැගෙන පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනටමත් එකඟ වී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

එසේම මෙවර තම අවධානය යොමුවී ඇත්තේ මෙරට නැගෙනහිර වෙරළ තීරය වෙතට බවත් සංචාරකයින් රැඳී සිටින ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර විශාල සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට ද සැලසුම් කර ඇති බවත් උදයංග වීරතුංග මහතා සඳහන් කර ඇත.

(LNW)