Wednesday, July 09, 2025
Follow Us
කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් කලාප කලාප මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුව ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම ඒකකය විසින් නව සිතියම් ගත කරුණු ඇතුලත් කර ඇත.

ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන අතර අවදානම අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර එකඳු කොවිඩ් ආසාදිතයෙකු ​හෝ වාර්තා වී නොමැති ප්‍රදේශ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මැයි 08 වනදායින් අවසන් වන අවසන් දින 14 තුළ වාර්තා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අනුව මෙම සිතියම් ගත කිරීම සිදුකර ඇත.

(Aruna)