Saturday, April 20, 2024
Follow Us
එළවළු මිල 80% කින් පමණ ඉහළට

සංචරණ නීති ලිහිල් වීමත් සමග එළවළු ගොවීහූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් එළවළු තොග අද (17) දින මධ්‍යම රාත්‍රියේ සිට ගෙන එන්නට පටන්ගෙන තිබෙනවා.

එමෙන්ම එළවලු මිලදී ගැනීම සඳහා විශාල වෙළඳුන් පිරිසක් ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයේ දැක ගැනීමට හැකිවූ අතර එළවළු මිල ද සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (16) දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු අස්වැන්න ගොවීන් සහ අතරමැදි කණ්ඩායම් විසින් රැගෙන එමින් සිටියා.

මේ හේතුව නිසා අළුයම් කාලයේ දඹුල්ල නගරයේ ඒ 9 ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පසුව දඹුල්ල පොලිසිය මැදිහත්වී දැඩි පරිශ්‍රමයක් දරමින් සෞඛ්‍ය ආරක්ෂිතව ගොවීන් පිරිස් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත පිටත් කර හැරිම සිදුවිය.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින එළවළු රැගෙන ආ යුත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබිණි.

එම් ප්‍රකාශය නිසි ලෙස සන්නි සන්නිවේදනය නොවූ බොහෝ පිට පලාත් වල ගොවීහු ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එමින් සිටියදී යම් යම් බාධාවන් වලට ලක්වී ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නට විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවලු බොහොමයක් ව්‍යාපාර වෙළෙන්දන් විසින් දැඩි ඉල්ලුමක් පැවති අතර ඉල්ලුම වැඩිවීමත් සමග මිලද ඉහළ යන්නට විය.

සෑම එළවළුවක්ම රුපියල් 50 සිට 100 ඉක්මවූ තොග මිලක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තවදුරටත් එලවළු වෙළදාම් කිරීමට සහ රැගෙන ඒමට හැක්කේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් ලෙස සීමා කර තිබේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර් කාර්යාලයේ 16 දින පැවති කමිටුවේ දී එම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතවෙතත් ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත වීපාරිකයන් ගොවීන් මෙන්ම වෙළඳුන් ද දැඩි සෞඛ්‍යය නීති වලට යටත් ව වෙළඳාම සිදු කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

බොහෝදෙනා දෑත සේදීම සහ මුව ආවරණ පැළඳ සිටීම විශේෂත්වයකි.

පසුගිය දිනවල වඩා විධිමත් ආකාරයකින් මෙහි ගනුදෙනු සිදු වෙන ආකාරය ද එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක මහතා කියා සිටියේ ආර්තික මධ්‍යස්ථානය තුළ තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යෑමට හැකි උපරිම දායකත්වය ලබා දෙන බවයි.

(Neth)