ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2275ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන්ගෙන් 2212 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති අතර සෙසු 63 දෙනා විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය අතරින් හඳුනාගෙන ඇති බව සඳහන්.
මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 142746ක් දක්වා ඉහළ නැඟ තිබේ.
(LNW)