Wednesday, July 09, 2025
Follow Us
තවත් ග්‍රාම නිලධාරි වසම් 70 ක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 10 කට ග්‍රාම නිලධාරී වසම් 70 ක් අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 24 ක් අද පෙරවරුවේ හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 12 ක් ද අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක්, බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් සහ හැටන් පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරී වසමක්ද අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා.

(Neth)