Wednesday, July 09, 2025
Follow Us
ජූනි මාසයේ රට තුළ කොරෝනා උත්සන්න වියහැකි

ජූනි මස තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ උත්සන්න වීමේ අවධානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ වසංගතයේ තීරණාත්මක අවස්ථාවකට රටක් හැටියට මුහුණදීමට සිදුව තිබෙන බවය.

මහාචාර්ය හේමන්ත සේනානායක මහතා,

“දැන් මේ වසංගතයේ තීරණාත්මක අවස්ථාවකට තමයි රටක් හැටියට ඇවිත් තියෙන්නේ. දිනෙන් දින රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. අපි අනුමාන කරන හැටියට මේ වසංගතයේ උත්සන්නම තත්ත්වය නෙමෙයි මේ ලංකාවේ තියෙන්නේ. ජූනි මාසය විතර වෙනකොට මේක උත්සන්න වෙන්නේ කියලා අපි හිතනවා. දැන් අපේ ආරක්ෂාව වැඩිකර ගන්න ඕනේ.”

(Aruna)