Wednesday, July 09, 2025
Follow Us
පානදුර රෝහලෙන් මල් ශාලවකට යැවුනු කාන්තා මල සිරුරකත් කොරෝනා

පී සී ආර් පරීක්‍ෂණ නොකර පානදුර මූලික රෝහලෙන් මුදා හැරුණු වයස අවුරුදු 74 ක කාන්තාවකගේ මෘත ශරීරය ගොරකපොල මල් ශාලාවකින් නැවත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉකුත් 12 වනදා පානදුර, වට්ටල්පොල ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව කිසියම් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා ඥාතීන් විසින් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර තිබුණා. එ

හිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ අදාළ කාන්තාව පී සී ආර් පරීක්‍ෂණයක් සදහා යොමු කරන ලෙසයි. පානදුර පෞද්ගලික රසායනාගාරයකින් පී සී ආර් පරීක්‍ෂණයක් සිදුකළ එම කාන්තාව එදින රාත්‍රීයේ නිවසේ සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන් අනතුරුව ඥාතීන් විසින් පොලීසියද දැනුවත් කර ගොරකාපොල මල් ශාලාවක් හරහා අදාළ කාන්තාවගේ මෘත ශරීරය පානදුර මූලික රෝහලට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව ඉකුත් 13 වනදා අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්‍ෂණය පමණක් සිදුකර එදිනම අදාළ කාන්තාවගේ මෘතශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා. ඒ, ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ලබාදුන් වාර්තාවකට අනුවයි.

එම වාර්තාවේ සදහන් වී ඇත්තේ මියගිය කාන්තාවගේ පවුලේ හෝ අවට කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි. නිවසේ මියගිය අදාළ කාන්තාවගේ මෘතශරීරය පී සි ආර් පරීක්‍ෂණයක් සදහා යොමු කරන ලෙසට එම වාර්තාවේද සදහන් වී නොතිබු බවයි අනාවරණ වුණේ. පසුව ඥාතීන් විසින් එම මෘත ශරීරය ගොරකාපොල මල් ශාලාවට රැගෙනගොස් තිබුණා.

පෞද්ගලික රසායනාගාරයකින් සිදුකළ පී සී ආර් පරීක්‍ෂණයේ වාර්තා ලැබී තිබුණේ ඉන් අනතුරුවයි. එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාවට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවයි. පසුව පානදුර මූලික රෝහලේ ගිලන් රථයකින් මල් ශාලාවේ තැන්පත් කර තිබූ අදාළ කාන්තාවගේ මෘත ශරීරය කඩිනමින් යළි රෝහලට රැගෙනවිත් තිබෙනවා.

එමෙන්ම පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු, මල් ශාලාවේ සේවකයන් දෙදෙනෙකු සහ මියගිය කාන්තාවගේ නිවසේ පුද්ගලයන් ඇතුළු 7 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණා.

(Neth)