Wednesday, July 09, 2025
Follow Us
ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් පහලට

ඇද හැලුනු වැසි සමග ඉහල ගිය ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහල යමින් තිබෙනවා. අද අලුයම 03යි 30ට නිකුත් කළ ප්‍රධාන ගංඟාවල ජල මට්ටම්වල දත්ත අනුව ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කලුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයද සුලු ගංවතුර තත්ත්වයක් පවතිනවා. අත්තනගලුඔය පිටාර ගැලීම හේතුවෙන් දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම සුළු ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ගංගාවල ජල මට්ටම පහව යමින් තිබෙනවා. කැළණි ගඟේ නාගලගම් වීදිය හැර ජල මිනුම් ස්ථාන සමාන්‍ය අතට පත්ව ඇති අතර නාගලගම් වීදිය ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ඉහල යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තු සඳහන් කළේ.

(Neth)