Wednesday, July 09, 2025
Follow Us
සයිනොෆාම් 60ට වැඩි අයට ලබාදීම ගැන විමර්ශනයක්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයෝ කණ්ඩායමක් ද සහභාගිවීමට නියමිතව ඇත.

ඒ් සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මේ අතර සෞඛ්‍ය අංශ නිලධාරීන් පැවසුවේ සයිනොෆාම් එන්නත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකි දැයි යන්න සෙවීමට අදාළ පර්යේෂණ වාර්තා ද මේදිනවල අධ්‍යයනය කරන බවයි.

කෙසේ වෙතත් සයිනොෆාම් එන්නත මෙරට ජනතාවට ලබා දීම පසුගියදා ආරම්භ කළේය.

(Aruna)