Wednesday, July 09, 2025
Follow Us
කොග්ගල ආසාදිතයන් 200කට වැඩි පිරිසක් නිවෙස්වලම

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක සේවකයින් 1500කට අධික පිරිසකට පසුගිය දිනක PCR පරීක්ෂණ සිදුකර තිබේ.

එම පිරිසෙන් සේවකයින් 217 දෙනෙකු ආසාදිත බවට නිකුත් වී ඇති PCR ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත.

මේ අතර හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පබෝධ සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තිබෙන තදබදය හේතුවෙන් එම ආසාදිතයන් තවමත් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින බවයි.

(Aruna)