Friday, February 06, 2026
Follow Us
අවදානමක් නැති ආසාදිතයන්ට නිවසේම ප්‍රතිකාර

කොවිඩ් ආසාදිත අවදානමක් නැති රෝගීන්ට නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම රෝහල් ගත ධාරිතාවය ඉක්මවා යාමේ අවධානමක් තිබෙන බැවින් එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බව ජනාධිපතිවරයා සමග ඊයේ (10) පැවති සාකච්ඡාවක දී පෙන්වා දුන් බව එම සංගමය සඳහන් කර ඇත .

(Aruna)