Friday, February 06, 2026
Follow Us
කළුතර කඩ සාප්පු සති 2ක් වැසේ

කළුතර දිස්ත්‍රික්කයේ හා මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති සරත් කහපලආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ (10දා) කළුතර දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම්වල සභාපතිවරුන් වෙත යවා තිබිණි.

මාරාන්තික කොවිඩ් 19 නව ප්‍රභේදය තරුණ තරුණියන්ද බිලි ගන්නා බැවින් මෙම මාරාන්තික වසංගතය මැඬලීම සඳහා හැම දෙනාම එකතුව එකා මෙන් සෞඛ්‍ය නිර්දේශයන් දැඩිව පිළිපැදිය යුතු බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.

(Aruna)