Friday, February 06, 2026
Follow Us
පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400ක් රෝහල්වලට

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු නැවත රෝහල්වල නිදහස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නිදහස් කිරීම සිදු කරන බව නියෝජ්‍ය සංස්කාරක වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.

සෑම රෝහලකම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වාට්ටුවක් වෙන් කරන ලෙසට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

(Aruna)