ඉදිරි සති 03 හා ඉන් ඔබ්බට කාල සීමාවේ කොවිඩ් මරණ ඉහළ යෑම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
කොවිඩ් -19 රෝගය වැලඳී ඇතැයි නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩිවී තිබීම මිට හේතුව බව එම ලිපියේ සඳහන් වේ.
රෝගීන්ට දැඩිසත්කාර ඒකක මෙන්ම රෝහල් ඇඳන් සඳහාද පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද මෙම වෛද්‍ය සංගම් පෙන්වාදෙයි. පරීක්ෂණ සේවා ගොඩගැසී ඇති බැවින් රසායනාගාරවලට සේවා සැපයිය හැක්කේ රෝහල්ගත රෝගීන්ට පමණක් බවද එම ලිපියේ දැක්වේ.
එසේම කොවිඩ් නොවන රෝගීන්ට ඇති පහසුකම් අඩාළ වෙමින් පවතින අතර එම රෝගීන්ගේ මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බව වෛද්‍ය සංගම් සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත.
වහාම වයිරසය පැතිර යෑම සිමා නොකළහොත් වසංගතය වෙනුවෙන් වැයකළ යුතු මුදල තවදුරටත් ඉහළ යනු ඇති බවද සඳහන්ය.
එමනිසා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව අවශ්‍ය ප්‍රදේශ අගුලු දැමීම හා දිස්ත්‍රික්ක අතර සංචරණ සිමා පැනවීම ඇතුළු වහාම ක්‍රියාත්මක කළයුතු පියවර 07ක් පිළිබඳව එම ලිපියෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
(Aruna)