Tuesday, July 08, 2025
Follow Us
කොළඹ ආසාදිතයින් 750ක් : දිස්ත්‍රික්ක 07ක රෝගීන් වාර්තා වීම සිඝ්‍රයෙන් ඉහළට

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශවලින් 180ක්, පාදුක්ක 38ක්, හෝමාගම 57ක්, කොළඹ නගර සභා සිමාවෙන් 79ක්, අවිස්සාවේල්ල 28ක් සහ බොරලැස්ගමුව 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 323ක් වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ 51ක්, ගම්පහ 36ක්, මීගමුව 20ක්, නිට්ටඹුව 22ක්, සීදුව 27ක්, වත්තල 18ක් සහ යක්කල ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 234 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. පයාගල 50, කළුතර - දකුණ 48ක්, කළුතර 30, කළුතර - උතුර 26, දොඩංගොඩ සහ බේරුවල ප්‍රදේශවලින් ආසාදිතයින් 20 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 53 දෙනෙකු කරාපිටිය ප්‍රදේශයෙන්, හබරාදුව 40ක්, ගාල්ල 26ක්, අහංගම 20ක් සහ බද්දේගම 16ක් ලෙස ආසාදිතයින් හමුවී තිබෙනවා.

මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 77 දෙනෙකු මහනුවර නගර සීමාවෙන් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 192ක් වාර්තා වී තිබෙනවා. කලවාන 60ක්, ඇහැළියගොඩ 55ක්, රත්නපුර 26ක්, කුරුවිට 15ක් ලෙස ආසාදිතයින් හමුවී ඇත.

මීට අමතරව කුරුණෑගල 59ක්, යාපනය 52ක්, කෑගල්ල 26ක්, පුත්තලම 23ක්, අනුරාධපුර 94ක්, මාතර 87ක්, පොළොන්නරුව 118ක්, මාතලේ 75ක්, අම්පාර 42ක්, නුවරඑළිය 55ක්, වව්නියාව 04, හම්බන්තොට 49, බදුල්ල 32ක්, ත්‍රිකුණාමලය 14ක්, මඩකලපුව 25ක්, මොණරාගල 36ක්, කිලිනොච්චි 05, මන්නාරම සහ මුලතිව් ආසාදිතයින් 02 බැගින්ද හා විදේශගතව සිට මෙරටට පැමිණි 13 දෙනෙකු ආසාදිතයින් වාර්තාවී ඇත.

(Neth)