ලොවපුරා අධිවේගයෙන් පැතිර යන වෛරස ප්‍රභේද කිහිපයක් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ නිසා ඉතා අවදානම් තත්වයක් මතුවිය හැකි බවත්, අවදානම අවම කර ගැනීමට නම් සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත් ආචාර්යවරයා පෙන්වා දෙනවා.
දකුණු අප්‍රිකා, බ්‍රිතාන්‍ය, නයිජීරියා, ඩෙන්මාර්ක්, ඉන්දියා ප්‍රභේද මෙන්ම ශ්‍රී ලංකාව තුළම නිර්මාණය වූ ප්‍රභේදයක්ද හඳුනාගෙන තිබේ. මෙම ප්‍රභේද සම්බන්ධයෙන් සියලු පර්යේෂණ සිදු කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයයි.
මෙම ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් පමණක් දැනට වාර්තා වී ඇති නමුත් ඒවා සමාජයට පැතිර ගොස් තිබිය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.
හඳුනාගෙන ඇති ප්‍රභේදවලින් ඉන්දියානු හා බ්‍රිතාන්‍ය ප්‍රභේදය වැඩි වේගයකින් පැතිර යන අතර සංකූලතා වැඩි බවද ජීවන්දර මහතා පෙන්වා දෙනවා.
කුමන ප්‍රභේදයක් පැතිර ගියද එම වෛරසය තම ශරීරයට ආසාදනය වීම වළක්වා ගැනීම කළයුතු සුදුසුම දේ බවත්, ඒ සඳහා මුව ආවරණ නිසි පරිදි පැළඳීම, නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම, විෂබීජහරණ දියර භාවිතා කිරීම ඇතුලු සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බවත් ඔහු සඳහන් කරනවා.
අවම තරමින් මාසයක කාලයක් හෝ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළදී නිවසටම වී කාලය ගත කළහොත් වසංගත තත්වය සමනය කරගත හැකි වන බවද ඔහු පවසනවා.
(LNW)