Tuesday, July 08, 2025
Follow Us
ඉන්දීය අත්අඩංගුවේ පසුවන පියා නිදහස් කර දෙන්නැයි යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි රජයෙන් ඉල්ලයි

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලාගේ පියා ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයි පවුලේ සාමාජිකයින් පවසනවා.

ඔහු ඉකුත් ජනවාරි මස 04වනදා බහුදින ධීවර යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා ගොස් තිබුණේ ත්‍රීකුණාමල වරායෙන්. සිය සැමියා සමග එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින බවයි පාරමි වසන්ති මාරිස්ටෙලාගේ මව වන රීටා මාග්‍රට් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලාද බලධාරීන්ගේ ඉල්ලීමක් කළේ සිය පියා දිවයිනට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

(Neth)