Friday, February 06, 2026
Follow Us
මහේල නිරෝධායනය සඳහා මාලදිවයිනට යයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට යොමුව තිබෙනවා. අයී පී එල් ක්‍රිකට් තරගාවලිය අතරමග නවතා දැමීම හේතුවෙන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින වෙත පිටත්කර හැරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගත්තා.

එහිදී ඔවුන් දින 14ක කාලයක් නිරෝධායනය වනු ඇති. මහේල ජයවර්ධන නිරෝධායන කාලසීමාව නිමා වූ පසු දිවයිනට පැමිණීමට නියමිත අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ද සිය මව් රට බලා පිටත්ව යාමට නියමිතයි. රටවල් කිහිපයක් ඉන්දියාවේ සිට සෘජු ගුවන් ගමන් අත්හිටු වීම හේතුවෙන් ඕස්ටේ්‍රලියානූ ක්‍රීඩකයින් මාලදිවයිනේ නිරෝධායනය සඳහා යොමු වුණා.

(Neth)